www.fgks.org   »   [go: up one dir, main page]

Jump to content

හාද්ද

විකිපීඩියා වෙතින්
ප්‍රේමාන්විත හාද්ද

හාද්දක් යනු යමෙකුගේ තොල් තවෙකෙකුගේ තොල් හෝ සිරුරෙහි වෙනත් කොටස් හෝ වෙනයම් වස්තුවක් මත හෝ තෙරපීමය. සිපගැනීමෙහි සංස්කෘතික ගම්‍යාර්ථය පෘථුල ලෙසින් වෙනස් විය හැක. සංස්කෘතිය සහ සන්දර්භය අනුව, ආදරය, රාගය, ස්නේහය, බහුමානය, ආචාරය, මිත්‍රත්වය, සහ සුබ පැතුම, හෝ වෙන යම් බොහෝ දේ අතුරින් එක් භාවයක් හාද්දකින් ප්‍රකාශ විය හැකිය. සමහර අවස්ථාවලදී හාද්ද හුදු චාරිත්‍රයක්, ළැදියාව දක්වන සංකේතාත්මක හෝ ආකෘතික ඉඟියක්, විවාහ මංගල්‍යයෝත්සවයක් අවසානයේදී මනාලිය සහ මනාලයා සිපගැනීම වැනි හෝ සුබපතනු වස් ජාතික නායකයන් එකිනෙකා සිපගැනීම වැනි හෝ වෙනයම් බොහෝ අවස්ථාවන්හීදි සිදුවන බහුමානය දැක්වීමක් හෝ සුබ පැතීමක් හෝ විය හැක.

සංස්කෘතිය, සබැඳියාව සහ සන්දර්භය අනුව, පුද්ගලයෙක් තවෙනෙකුගේ තොල්, කම්මුල, හිස, අත සිපගැනුම සිදුවිය හැකි වන අතර මේ එක් එක් ඉඟි විසින් විවිධ සමාජීය වැදගත්කම් ඉසිලිය හැක.

හාද්ද සඳහා ඉංග්‍රීසි වචනය වන කිස් යන්න බිඳි ඇත්තේ පැරණි ඉංග්‍රීසි කිසාන් යන්නෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=හාද්ද&oldid=263244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි