www.fgks.org   »   [go: up one dir, main page]

Jump to content

කඩුව

විකිපීඩියා වෙතින්
(Sword වෙතින් යළි-යොමු කරන ලදි)


ස්විස් දිගුකඩුව, 15වන හෝ 16වන සියවස

කඩුවක් යනු දිගු, තියුණු තලැති ලෝහ අවියක් වන අතර, ලොව පුරා බොහෝ ශිෂ්ඨාචාරයන් තුල, ප්‍රාථමික වශයෙන් කැපුම් හෝ වැරෙන් තෙරපා දැමීමේ අවියක් ලෙසින්ද සමහරවිට පොල්ලකින් මෙන් තැලීම සඳහා ද භාවිතා වී ඇත. කඩුව සඳහා භාවිතා වන ස්වෝඩ් යන ඉංග්‍රීසි පදය බිඳි ඇත්තේ පැරැණි ඉංග්‍රීසි ස්වෙයෝඩ් යන්නෙන් වන අතර, "තුවාල සිදු කරන හෝ කපන" යන අරුත් දනවන ප්‍රාග්-ඉන්දු-යුරෝපීය සම්භවයක් දරණ *ස්වර්- වෙතින් එන පැරැණි සම්භාව්‍ය ජර්මන් ස්වර්ට්, මධ්‍යතන ලන්දේසි ස්වාට්, පැරැණි නොවිජියානු ස්වෙරෝ (cf.ඩෙන්මාර්ක ස්වාඩ්, නෝවීජියානු ස්වර්ඩ්, ස්වීඩන ස්වාඩ්) පැරැණි ප්‍රශියානු සහ පැරැණි සැක්සන් ස්වර්ඩ් සහ නවීන ලන්දේසි ෂ්වාඩ් සහ ජර්මානු ෂ්වර්ට් යන්නන්ට නෑකම් දරයි.[1]

"කඩුව" යන්නට ‍පොදුවේ භාවිත වන සම්භාව්‍ය සංස්කෘත පදය කඩ්ග යන්නයි. ඉන්දු-යුරෝපීය සම්භවයෙන් ප්‍රවේණි වූ පදය අසි ලෙසින් නොනැසී පවතියි (නෑකම ලතින් බසට එන්සිස්, ප්‍රාග්-ඉන්දු-යුරෝපීය භාෂාව වෙතින් *න්සිස්). මෙම පදය නියමාකාරයෙන්, අසි ලෙසින් භාවිතා වේ. සිංහල පද වන කඩුව සහ අසිපත මේ අනුව නියමාකාරයෙන් බිඳී ඇත.

සටහන්[සංස්කරණය]

  1. "ඔන්ලයින් එටිමලජි ඩික්ෂනරි". Etymonline.com. සම්ප්‍රවේශය 2010-01-14.
"https://si.wikipedia.org/w/index.php?title=කඩුව&oldid=448483" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි