හයිටි ඉංග්‍රිසි: Haiti (/ˈheɪti/ (listen); ප්‍රංශ: Haïti [a.iti]; හයිටියානු (ක්‍රියෝල්) Creole: Ayiti [ajiti]), නිල වශයෙන් හයිටි ජනරජය (ප්‍රංශ: République d'Haïti; හයිටියානු (ක්‍රියෝල්): Repiblik Ayiti) සහ කලින් හයිටි ලෙස හැඳින්වුණු රට,කැරිබියන් මුහුදෙහි, ඇන්ටිලස් දූපත් සමූහයෙහි, කියුබාවට නැගෙණහිරින් වූ හිස්පැනියෝලා දිවයිනෙහි පිහිටිය කි. එය ඩොමිනිකානු ජනරජය සමග සම-අයිතියට හිමිකම් කියන, දූපතේ බස්නාහිරින් අටෙන් තුනක් අත් කර ගනී. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 27,750 ( ව.සැ. 10,714) ක් හා ආසන්න ඇස්තමේන්තු අනුව, මිලියන 10.8ක ජනගහනයක් වෙසෙන හයිටිය, කැරිබියානු ප්‍රජාවේ (CARICOM) ඉහළම ජනාකීර්ණත්වය හිමි රට මෙන් ම, සමස්තයක් වශයෙන් කැරිබියානු කළාපයේ දෙවැනි-වැඩිම ජනාකීර්ත්වණය හිමි රට ද වෙයි.
මෙම ප්‍රදේශය මුළින් ම ජනාවාස කරන ලද්දේ, ස්වදේශික Taíno ජනතාව විසිනි. අත්ලාන්තික් සාගරය තරණය කරමින් ක්‍රිස්ටෝපර් කොලොම්බස් කළ සිය පළමු මුහුදු ගමනේ දී 1492 දෙසැම්බර් 05 දින ස්පාඥ්ඥය දිවයිනට ගොඩ බැස්සේ ය. කොළොම්බස් හයිටියට පළමු වර ගොඩ බසින ලද අවස්ථාවේ ඔහු සිතූයේ ඔහු ඉන්දියාව හෝ චීනය සොයා ගත් බවයි. 1492 නත්තල් දින, වර්තමානයේ ලිමොනේඩ් Limonade ලෙස හඳුන්වන උතුරු ප්‍රදේශය වටා කොළොම්බස්ගේ ප්‍රධානත්වයෙන් යුතු සාන්ත මරියා නෞකාව යාත්‍රා කළේ ය. පසුව ක්‍රමයෙන් යාත්‍රාවෙන් බේරා ගත හැකි දේ යොදා ගෙන, නෞකාව විනාශ වූ දිනට පසු ව, ඇමරිකාවේ පළමු ජනාවාසය, ලා නෙවිඩැඩ් La Navidad නමින් ඉදි කිරීමට සිය පිරිසට නියෝග කළේ ය.
Haiti පිළිබඳ ලිපි |
---|
ඉතිහාසය | |
---|
Geography | |
---|
දේශපාලනය | |
---|
ආර්ථිකය | |
---|
සමාජය | |
---|
Related articles |
---|
|
---|
Members | Members | |
---|
National/regional members | |
---|
Associate members | |
---|
Observers | |
---|
Suspended members | |
---|
|
---|
Organization | |
---|
Culture | |
---|
Related | |
---|
|
|
---|
| History | | |
---|
Members | |
---|
Associate members | |
---|
Observers | |
---|
Institutions | |
---|
Related organizations | |
---|
|
|
|
---|
ජාත්‍යන්තර | |
---|
ජාතික | |
---|
භූගෝලීය | |
---|
ජනයා | |
---|
වෙනත් | |
---|